Fly Ash Brick Sri Lanka

Fly Ash Brick Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fly Ash Brick Sri Lanka, Building Material Store, 84/1, Kirindiwita, Gampaha.

30/11/2023
20/10/2023
All Kalani Cable products Available now 🇱🇰👌☎️ 0778288329සියලුම කැලණි කෙබල් නිෂ්පාදන මෙහිදී ලබාගත හැක.
08/02/2022

All Kalani Cable products Available now 🇱🇰👌
☎️ 0778288329

සියලුම කැලණි කෙබල් නිෂ්පාදන මෙහිදී ලබාගත හැක.

17/12/2021

Fly Ash Brick 🧱
Contact your valuable order ☎️ 077 82 88 329

07/12/2021

Happy 😊 Customer
Mr. Saman
@ Daraniyagala

Fly Ash Brick 🧱 12600
Contact for your valuable order ☎️ 0778288329

විශ්වාස කරන්න. මේ ගෙදර කපරාරු පේන්ට් කිසිම දෙයක් කරලා නෑ .ඒත් බලන්න ලස්සන 😍🏠මේ නුගේගොඩ.පර්චස් 10 කට කිට්ටු වෙන්න තමයි ඉද...
30/11/2021

විශ්වාස කරන්න. මේ ගෙදර කපරාරු පේන්ට් කිසිම දෙයක් කරලා නෑ .ඒත් බලන්න ලස්සන 😍🏠මේ නුගේගොඩ.පර්චස් 10 කට කිට්ටු වෙන්න තමයි ඉදිකරලා තියෙන්නේ .
Flyash Bricks තමයි උපයෝගි කරගෙන තියෙන්නේ.

Photography 📸 : Kesara

- සුබ දවසක්
• අපගේ ෆේස්බුක් පිටුව - https://www.facebook.com/Fly-Ash-Brick-Sri-Lanka-107721961747639/

☎️ 0778288329

☎️ 077 82 88 329මොනවද මේ ෆ්ලයි ඈෂ් කියන්නෙ? ෆ්ලයි ඈෂ් කියන්නෙ තාපය සඳහා ගල් අඟුරු දහනය කිරීමෙන් පසු අළු වශයෙන් ඉතිරිවන අ...
30/11/2021

☎️ 077 82 88 329

මොනවද මේ ෆ්ලයි ඈෂ් කියන්නෙ?

ෆ්ලයි ඈෂ් කියන්නෙ තාපය සඳහා ගල් අඟුරු දහනය කිරීමෙන් පසු අළු වශයෙන් ඉතිරිවන අතුරු ඵලයක්. ෆ්ලයි ඈෂ් නිපදවෙන ප්‍රධානතම මූලය වන්නේ ගල් අඟුරු දහන තාප විදුලිය ජනන ක්‍රියාවලියයි. ගල් අඟුරු තාප විදුලි බලාගාර වල තාපය නිපදවා ගැනීමට අති විශාල ගල් අඟුරු ප්‍රමාණය දහනය කරනු ලබනව. ලංකාවෙ අපට තියෙන එකම ගල් අඟුරු තාප බලාගාරය වන නොරොච්චෝලේ ලක් විජය බලාගාරය දිනකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7500ක් පමණ දහනය කරනු ලබන අතර එහි අතුරුඵල ලෙස දිනකට ෆ්ලයි ඈෂ් මෙට්‍රික් ටොන් 1000ක් පමණ නිපදවෙනව. මේ ෆ්ලයි ඈෂ් වල තිබෙන ප්‍රධාන සංඝටකයක් වන්නේ ඇලුමිනියම් සහ සිලිකන් වලින් සමන්විත Pozzolan නම් සංඝටකයයි. එහි විශේෂත්වය වන්නේ අළු වශයෙන් පවතින තාක් කිසිදු තද ගුණාංගයක් නොපෙන්වා ජලය මුසු වූ සැනින් සිමෙන්තිමය ගුණාංගයක් මතු වීමයි. තවදුරටත් හුණු සමඟ මිශ්‍ර කළාම පෝර්ට්ලන්ඩ් සිමෙන්ති වලට සමාන මිශ්‍රණයක් බවට පත්වෙනව.

ප්‍රධාන වශයෙන්ම පෝර්ට්ලන්ඩ් සිමෙන්ති නිශ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙසද, විශාල ඉදිකිරීම් වල පාවිච්චි කරන කොන්ක්‍රීට් නිශ්පානයේදී කොන්ක්‍රීට් ශක්තිමත් කිරීමේ සංඝටකයක් ලෙසත්, මාර්ග ඉදිකිරීම් කටයුතුවලදී පාවිච්චි කරන කාපට් නොහොත් Asphalt Concrete නිශ්පාදන ක්‍රියාවලියේදී asphalt මිශ්‍රනයේ තිබෙන කුඩා ගල් අතර හිඩස් පිරවුමක් ලෙස මේ ෆ්ලයි ඈෂ් පාවිච්චි කරනව.

ෆ්ලයි ඈෂ් ගඩොල් (Fly ash bricks)


ලෝක ප්‍රබලයින් තුන් දෙනා හෙවත් චීනය, එක්සත් ජනපදය සහ ඉන්දියාව ගල් අඟුරු තාප ජනනයේද පිළිවෙලින් පළමු දෙවන සහ තුන්වන තැන අරගෙන ඉන්නව. ඔවුන්ගේ වාර්ෂික ෆ්ලයි ඈෂ් නිශ්පාදනය ටොන් මිලියන දහස් ගාණක් පරිසරහිතකාමී ලෙස නැවත පාවිච්චිය සඳහා විවිධ අතුරු නිශ්පාදන කරන්න පෙළඹී සිටිනව. ඉන් එක් නිශ්පාදනයක් වන්නේ ෆ්ලයි ඈෂ් ගඩොල් (Fly ash bricks). ෆ්ලයි ඈෂ් නිශ්පාදනයේ ප්‍රමුක රටවල් සෑහෙන කලක පටන් මේ නිශ්පාන කළත් ලංකාවට තාමත් අලුත් අත්දැකීමක් වීමට හේතුව වන්නේ ලංකාවේ ෆ්ලයි ඈෂ් නිශ්පාදනය මෑතකාලීනව ආරම්භ වූ බැවිනි. ඉදිකිරීම් අමුද්‍රව්‍යක් ලෙස අදටත් වාර්ෂිකව ලංකාවට ගෙන්වන ෆ්ලයි ඈෂ් ප්‍රමාණය අති විශාලයි.

ෆ්ලයි ඈෂ් ගඩොල් වල වාසි

1. ගඩොලයේ නිමාව ඉස්තරම්

සිමෙන්ති පැහැයේ ආකර්ෂණීය පෙනුම, එකම හැඩය සහ සුමට නිමාව නිසා හරිම ආකර්ෂණිය බවක් තිබෙනව. එකම හැඩය සහ සුමට නිමාව නිසා බිත්ති බැඳීමේදී වැඩය වන බදාම ප්‍රමාණය 50%කින් පමණ අඩුවෙනව. එමෙන්ම ඒකාකාරී නිමාව නිසා බඳාම ඝණකම අඩුවීමෙන් බදාම හරහා සිදුවන පිපිරීම් සිදු නොවේ.

2. සුමට නිමාව නිසා බිත්ති කපරාරු කිරීමක් අවශ්‍ය නොවේ. බිත්ති කපරාරුවට වැය වන භාණ්ඩ සහ වැඩ කුලී ලෙස විශාල මුදලක් ඉතිරිවේ.

3. සම්මත ලෙස සැකසූ ගඩොලක ශක්තිමත්බාවය ඉතාම ඉහල අගයක් ගන්නව. (9-10N/mm2) සාමාන්‍ය ගඩොලක මේ අගය මේ අගය 1.2-2N/mm2 අතර වේ. මේ අධි ශක්තිය නිසාම ගඩොල් පැටවීමේදී, ප්‍රවාහනයේදී සහ බෑමේදී ගඩොල් කැඩීයාමක් සිදු නොවේ.

4. ඉදිකිරීමේ ව්‍යුහ නිර්මාණයට අතිරේක බරක් එකතු නොවන අතර භූකම්පන තත්වයන් වැනි ස්වභාවික විපත්වලට විශිෂ්ට ප්‍රතිරෝධයක් ලබා දේ. කල් ගතවෙද්දි ශක්තිමත්භාවය තව තවත් වැඩි වේ.

5. ෆ්ලයි ඈෂ් ගඩොලේ උෂ්ණත්වය දැරීම 0.90-1.05W/m2 වන නිසා රත්වීම ඉතා අඩු අගයක් වෙනව. මේ නිසා ගොඩනැගිලි අභ්‍යන්තරය රත්වීම අඩුවේ.

6. උෂ්ණත්වය උරාගැනීම අඩු වගේම ජලය උරාගැනීමත් අඩු නිසා කපරාරු නොකල බිත්ති තෙත්වීම් ඉතා අවම වේ.

7. ෆ්ලයි ඈෂ් ගඩොල් වලින් බඳින ලද බිත්ති හරහා ශබ්දය ගමන් කිරීම ඉතාම අවම බැවින් සවුන්ඩ් බැරියර් එකක් ලෙස ක්‍රියා කරන අතර ගොඩනැගිලි ඇතුලතට පිටත ශබ්දය ගලා ඒම අඩුවේ.

8. සාමාන්‍ය ගඩොල් හා සැසැදීමේදී අධික තාප ප්‍රතිරෝධයකින් යුක්ත නිසා ගිනි පැතිරීම්වලට ඔරොත්තු දේ.

9. ජලය උරාගැනීම අවම නිසා සාමාන්‍ය මැටි ගඩොල් මෙන් ඉදිකිරීමට පෙර ජලයේ පෙඟවීමක් අවශ්‍ය නොවේ. සුළු වතුර ප්‍රමාණයක් ස්ප්‍රේ කර පාවිච්චියට ගත හැකිවේ. ඉදිකිරීම් තාක්ෂණය සාමාන්‍ය මැටි ගඩොලක මෙන් වන නිසා විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ.

10. කාර්මික අපද්‍රව්‍යයක් මගින් මෙම ගඩොල් නිශ්පාදනය කරන නිසා පරිසර හිතකාමී නිර්මාණයක් වේ. ඉදිකිරීම් වලට යොදාගැනීම පරිසරය සුරකීමට දෙන අත්වැලක් වේ.

11. සාමාන්‍ය ගඩොලක බරට සාපේක්ෂව මෙම ගඩොලක බර අඩු නිසා තට්ටු ගොඩනැගිලි ඉදිකිරීමට ඉතා යෝග්‍ය වේ. බර දැරීමේ අභ්‍යන්තර බිත්ති (Load bearing walls) ලෙස පාවිච්චි කිරීමට ඉතා යෝග්‍ය වේ.

12. සාමාන්‍ය ගඩොලක් හා සැසැදීමේදී වර්ග අඩියක් සඳහා වැයවන ගඩොල් වියදම අඩුවීම.

Address

84/1, Kirindiwita
Gampaha

Telephone

+94778288329

Website

Alerts

Be the first to know and let us send you an email when Fly Ash Brick Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share