එසැණ පුවත් - Esana News

එසැණ පුවත් - Esana News Sri Lankan No. 1 news Page

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය අවසන් කරමින්, එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව එ...
16/10/2025

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය අවසන් කරමින්, එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමට සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම තම පක්ෂයේ ස්ථාවරය බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කමිටු සාකච්ඡා සඳහාද එක්වීමට තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා.

තවද, පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද ඔවුන් එකඟත්වය පළ කර ඇති අතර, සමගි ජන බලවේගය මෑතකදී කළ ප්‍රකාශත් සලකා බලා ඉදිරි දේශපාලන වැඩසටහන් එකමුතුව සකස් කිරීමට හැකි බව ද පාර්ශවය පවසනවා.

15/10/2025
15/10/2025

නේපාලයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද දිවයිනට

නේමුල්ල සන්ජීව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ලෙස නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයන් හයදෙනා අද (15) විශේෂ මෙහෙයුමක් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව වාර්තා වේ.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, නේපාල පොලිසිය, සහ අග්‍රාමාත්‍යාංශය යටතේ විශේෂ ආරක්ෂක ඒකක එක්ව සිදුකර ඇත. සැකකරුවන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 182 යානය මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට රැගෙන එනු ලැබිණි.

ඉෂාරා සෙව්වන්දි, විශාල සංවිධානාත්මක අපරාධ ජාලයක අධිපතිවරියක් ලෙස සැලකෙන අතර, ඇය සහිත පිරිස නේපාලයේ සිටුනෙම රහස් පලා යාමකට උත්සාහ ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණීමෙන් පසු, ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාරදී විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, අනෙකුත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදීමට නියමිත බව පොලිස් වාර්තා සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, තවත් අයෙකු විදේශයේ සිටින බවත් ඔහු/ඇයවද අත්අඩංගුවට ගැනීමට කටයුතු පවතින බවත් පොලිස් ප්‍රකාශක කාර්යාලය පවසයි.

"කලවැද්දන් ‘බලු’ වුවද, සිංහයින් කිසිදු දිනක ‘බලු’ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මතක්...
07/10/2025

"කලවැද්දන් ‘බලු’ වුවද, සිංහයින් කිසිදු දිනක ‘බලු’ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මතක් කර දිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

ඒ අනුව, ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කකුල් දෙකෙන් එල්ලිය යුතු බවට’ සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන්නේ නම්, 'සුදු කොඩි ඔසවාගෙන පැමිණි පිරිසට වෙඩි තැබූ' බවට ප්‍රකාශ කරමින්, තමන් නියෝජනය කළ සමස්ත හමුදාවම යුද අපරාධ කළ බවට ද්‍රෝහී ප්‍රකාශයක් කළ පුද්ගලයෙක් එල්ලිය යුතු බව ජනතාවගෙන් විමසිය යුතු බවද ඔහු අද (07) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

අදටත් යුද අපරාධ චෝදනා එල්ල වන්නේ ඔහුගේ එම ප්‍රකාශය මත බවත්, අනෙකුත් පිරිස්වලට යුද අපරාධ චෝදනා එල්ල වුවද, ඔහුට එම චෝදනා එල්ල නොවීම ගැටලුවක් බවද මනෝජ් ගමගේ වැඩිදුරටත් ප්‍රකාශයයි.

07/10/2025

"ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් ඉතිහාසයේ කවදාකවත් නැති තරම් මුදල් වෙන් කරගෙන ඇත,"
– පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අද (29) ප්‍රකාශ කළේය.

07/10/2025

"මාව හිරේ දැම්මත්, රංග දිසානායක පත්වුනේ දූෂිත මෙහෙයුමකින්. කියන්න හැකි හැමදේම කරනවා,"
– පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල අද (29) ප්‍රකාශ කළේය.

07/10/2025

"වරදක් ගැන කියාදීමේදී මානූෂිය ක්‍රමවේදයක් හඳුන්වා දීම යුගයේ අවශ්‍යතාවක්,"
විපක්ෂ නායකවරයා අද (29) පාර්ලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කළේය.

07/10/2025

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂිත වාහන ගැන යළි සලකා බලන්න සූදානම් බව රජය දැනුම්දෙයි

07/10/2025

"අල්ලස් කොමිසම විමර්ශන කරන විට ඒ අදාළ සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයන් නැගිටලා කතා කරනවා. එහෙම කරන්න දෙන්න බෑ,"

2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ටී-46 කාණ්ඩයේ මීටර 1500 පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක...
06/10/2025

2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ටී-46 කාණ්ඩයේ මීටර 1500 පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත් වේ.
තරගාවලිය, ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්වේ.

2026 අප්‍රේල් 01 වැනිදා සිට දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි සහ සමාන උපකරණ නිෂ්පාදනය හා වෙළෙඳපොළට නිකුත් කි...
02/10/2025

2026 අප්‍රේල් 01 වැනිදා සිට දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි සහ සමාන උපකරණ නිෂ්පාදනය හා වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා SLS සහතිකය අනිවාර්ය වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, නියමිත ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන විකිණීම එදින සිට සම්පූර්ණයෙන් තහනම් කෙරෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

අදාළ අධිකාරීන්ගේ තොරතුරු අනුව, වෙළෙඳපොළේ ඇතැම් නිෂ්පාදනවල පිළිකා කාරක ද අඩංගු වී ඇති බව අනාවරණය වී තිබේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.ඒ අනුව පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවනය...
02/10/2025

රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.

ඒ අනුව පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාදව හෝ අවලංගු විය හැකි බව ද වාර්තා වේ.

Address

Matale
Matale

Telephone

+94773257429

Website

Alerts

Be the first to know and let us send you an email when එසැණ පුවත් - Esana News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share