09/04/2026
ඊජිප්තුවේ කර්කශ කාන්තාරය හරහා කිලෝමීටර් 190ක් දිගට නිල් පාට වතුර පාරක් ගලාගෙන යනවා. මේක ආසියාවයි අප්‍රිකාවයි දෙකට වෙන් කරලා මුළු ලෝකයේම වෙළඳාම කණපිට පෙරළපු මිනිසාගේ විස්මිත නිර්මාණයක්. 🔥
අද වෙද්දී ටොන් 240,000ක් බර, මීටර් 400ක් දිග දැවැන්ත නැව් පවා මේකෙන් යනවා. අවුරුද්දකට නැව් 18,000ක්, බඩු ටොන් මිලියන 700ක් මේකෙන් එහා මෙහා වෙනවා! 🇫🇷
හැබැයි 19 වෙනි සියවසේ වැඩිය දියුණු තාක්ෂණයක් නැති කාලෙක, කාන්තාරයක් මැද මේ වගේ යෝධ ඇළක් කැපුවේ කොහොමද? ⛏️🔥
මේ ඇළ කපන අදහස අද ඊයේ ආපු එකක් නෙවෙයි. මීට අවුරුදු දහස් ගාණකට කලින් ඊජිප්තුවේ හිටපු පාරාවෝවරු පවා නයිල් නදිය හරහා මේ වගේ ඇළක් කපන්න උත්සාහ කළා. පස්සේ 18 වෙනි සියවස අගභාගයේදී නැපෝලියන් බෝනපාට් මේක හදන්නම ගියත්, එයාගේ ඉංජිනේරුවෝ ලොකු වැරැද්දක් කළා. ඔවුන් හිතුවා රතු මුහුද, මධ්‍යධරණී මුහුදට වඩා මීටර් 10ක් උසින් තියෙන්නේ කියලා. ඒ නිසා ඇළ කපාගෙන යනකොට ඒ දිගේ වතුර ගලයි කියන බයට ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා. 👑🇫🇷
හැබැයි 19 වෙනි සියවසේ මැද භාගයේදී ෆර්ඩිනන්ඩ් ඩි ලෙසෙප්ස් කියන ප්‍රංශ ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයාට මේක කොහොමහරි කරනවා කියලා ලොකු උමතුවක් එනවා. එයාට ඊජිප්තුවේ පාලකයා වුණු Mohammed Said Pasha ගෙන් මේ ඇළ කපන්න අවසර ලැබුණා (අවුරුදු 99ක් මේකෙන් ලාබ ලබන්නත් ගිවිසුමක් ගැහුවා). ඒ විදිහට 1859 අප්‍රේල් 25 වෙනිදා මේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ වුණා.
මේ වැඩේ පටන් ගද්දී වර්ග කිලෝමීටර් 60,000ක් ලොකු සිනායි කාන්තාරය කියන්නේ කිසිම මනුස්ස පුළුටක් නැති, ලෝකයේ තියෙන වියළිම සහ කටුකම තැනක්. කෑම, වතුර, යකඩ, ලී මේ ඔක්කොම ගේන්න වුණේ ගොඩක් දුර ඉඳන්. මුලින්ම මේ වැඩේට කට්ටිය හොයාගන්න අමාරු වුණු නිසා, ඊජිප්තු ආණ්ඩුව කළේ බලහත්කාරයෙන් ගොවියන්ව මේ වැඩේට ගෙනාපු එක. 🥵⛏️
මිනිස්සු 400,000ක් විතර අතිශය කටුක තත්ත්වයන් යටතේ මේ ඇළ කැපුවා. ලෙඩ රෝග සහ රස්නය නිසා දස දහස් ගාණක් කම්කරුවන්ගේ ජීවිත මේ වැලි අස්සේ වැළලිලා ගියා. (සමහර තැන්වල මේ අගය 180,000ක් වගේ කියලත් කියනවා) මේ වැඩකරන මිනිස්සුන්ට බොන්න වතුර නැති නිසාම ඉංජිනේරුවන්ට සිද්ධ වුණා නයිල් නදියේ ඉඳන් (Zagazig ඉඳන් Ismailia දක්වා) වෙනමම කුඩා වතුර ගේන ඇළකුත් කපන්න!
1864 වෙද්දී ඊජිප්තුවේ මේ බලහත්කාර ශ්‍රමය නීතියෙන් තහනම් කළා. මිනිස්සු නැතුව වැඩේ කරගෙන යන්න බැරි නිසා, මේ ව්‍යාපෘතියට අලුත් යන්ත්‍ර සූත්‍ර හොයාගන්න ඕන වුණා. යුරෝපයේ කාර්මික විප්ලවයත් එක්කම, හුමාලයෙන් වැඩ කරන යෝධ මැෂින් මේකට ගෙනාවා. ⚙️🚂
Bucket Dredger (බකට් ඩ්‍රෙජර්): මේකේ ලොකු බාල්දි පේළියක් තියෙනවා. ඒවයින් මුහුදු පතුලේ තියෙන මඩ සහ පස් කඩාගෙන උඩට අරන් එනවා. මේ වගේ මැෂින් 78ක් මේ වැඩේට පාවිච්චි කළා.
Long Gangways: මේකෙන් කරන්නේ අර බාල්දි වලින් ගන්න පස් ටික, මීටර් 70ක් විතර දිග ලොකු කාණුවක් දිගේ වතුරත් එක්ක මිශ්‍ර කරලා ඈතට විසි කරන එක.
Cuvreux Excavator: ගල් කඩන්න බැරි වුණ තැන් වල රේල් පීලි දිගේ යන මේ දැවැන්ත හුමාල යන්ත්‍ර 16ක් පාවිච්චි කරලා ගල් කඩලා දැම්මා. කඩන ගල් ටික අරන් යන්න පොඩි කෝච්චි පීලි පද්ධතියක්ම හැදුවා.
Port Said වරායේ බැම්ම ගහන්න ගල් තිබුණේ නැති නිසා, වැලි සහ හුණු එකතු කරලා කෘතිම ගල් කුට්ටි 30,000ක් හැදුවා! අවුරුදු 10ක අසීමිත කැපවීමකින් පස්සේ, 1869 නොවැම්බර් 17 වෙනිදා කිලෝමීටර් 164ක් දිග, මීටර් 8ක් ගැඹුරු සූවස් ඇළ ලෝකයටම විවෘත වුණා! ප්‍රංශයේ ඉඳන් ඉන්දියාවට තිබුණු කිලෝමීටර් 19,000ක් දිග ගමන මේ ඇළ නිසා කිලෝමීටර් 8000කට අඩු වුණා.
සූවස් ඇළ හැදුවාට පස්සේ ඒක නිකන්ම තිබුණේ නෑ. 1956 දී ඊජිප්තු ජනාධිපති නසාර් මේ ඇළ ඊජිප්තුවට පවරාගත්තාම, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායලය එකතුවෙලා ඊජිප්තුවට ගැහුවා. මාස 5ක් ඇළ වැහුණා. ⚔️🚢
1967 දී ආපු "දින හයේ යුද්ධය" නිසා සූවස් ඇළ තනිකරම යුධ පිටියක් වුණා. ගිලුණ නැව් සහ මුහුදු බෝම්බ නිසා ඇළ සම්පූර්ණයෙන්ම අවහිර වෙලා ගියා. පස්සේ ජාත්‍යන්තරයේ උදව් ඇතුව ආයෙත් මේක ප්‍රතිසංස්කරණය කරලා ඇළේ ගැඹුර මීටර් 14ක් දක්වා ගැඹුරු කළා.
අද වෙද්දී මේ ඇළේ යන්නේ ටොන් 240,000ක් බර අතිදැවැන්ත නැව්. පටු ඇළක් අස්සේ මේ වගේ ලොකු නැවක් අරන් යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. පොඩි වැරැද්දක් වුණොත් නැව ඉවුරේ හැප්පෙනවා. මේක පුහුණු කරන්න ප්‍රංශයේ Port Revel කියන තැන හෙක්ටයාර 5ක් ලොකු විලක, සූවස් ඇළේ ආකෘතියක් හදලා තියෙනවා. කපිතාන්වරු මේකේ පොඩි මොඩල් නැව් අරන් ගිහින් තමයි මේ පටු පාරේ නැව් අරන් යන්න පුහුණු වෙන්නේ! මේ ඇළට හරියන උපරිම නැවේ සයිස් එකට කියන්නේ Suezmax කියලා.
කාලයක් යද්දී ලෝකයේ නැව් කොච්චර ලොකු වුණාද කිව්වොත්, සූවස් ඇළේ පළල මදි නිසා නැව් දෙකකට මාරු වෙන්න බැරුව ගියා. එක පේළියට යන්න ඕනේ නිසා නැව් වලට පැය ගාණක් රස්තියාදු වෙන්න සිද්ධ වුණා. 🚧🏗️
මේකට විසඳුමක් විදිහට 2014 දී ඊජිප්තු රජය දැවැන්ත ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ තමයි පරණ ඇළට සමාන්තරව තව අලුත් ඇළක් කිලෝමීටර් 35ක් දිගට කපලා, පරණ ඇළ තවත් කිලෝමීටර් 37ක් දිගට පළල් කරන එක! ඉංජිනේරුවෝ කිව්වේ මේ වැඩේට අවුරුදු 5ක් යයි කියලයි, හැබැයි ඊජිප්තු ජනාධිපතිවරයා දුන්නේ එක අවුරුද්දයි!
යුරෝ බිලියන 7ක් ගියපු මේ ව්‍යාපෘතියට 80% ක්ම සල්ලි දුන්නේ ඊජිප්තුවේ සාමාන්‍ය ජනතාව.
මේ වැඩේට ලෝකේ වටෙන්ම යෝධ යන්ත්‍ර 40ක් ගෙනාවා. මේවායින් විශේෂම යන්ත්‍රය තමයි Cutter Suction Dredger. 🌊🌀
Ibn Batuta වගේ මේ යන්ත්‍ර මීටර් 150ක් දිග දැවැන්ත නැව්. මේකේ ඉස්සරහා තියෙනවා මීටර් 3ක් විතර පළල දැවැන්ත දත් තියෙන ඩ්‍රිල් එකක්. මේකෙන් මුහුදු පතුලේ තියෙන දැඩිම ගල් සහ මැටි පවා කුඩු කරනවා. මුලින්ම වතුර විදලා මඩ බුරුල් කරලා, ඊටපස්සේ ඒ පස් සහ ගල් ටික අතිවිශාල පයිප්ප හරහා කිලෝමීටර් ගාණක් ඈත සිනායි කාන්තාරයට යවලා තියෙනවා. සමහර වෙලාවට මේ පස් වලින් මුහුදේ කෘතිම දූපත් පවා හදනවා. මේ නැවක් ඇතුළේ ඔලිම්පික් පිහිනුම් තටාක 12ක සයිස් එකේ පස් පුරවන්න පුළුවන් ටැංකි (45,000 cubic meters) තියෙනවා!
මේ ව්‍යාපෘතියෙන් අවුරුද්දක් ඇතුළත පස් ඝන මීටර් මිලියන 500ක් අයින් කළා. මේක හරියට ඊජිප්තුවේ තියෙන මහා පිරමීඩ 200කට සමාන පස් ප්‍රමාණයක්! ඒ විදිහට 2015 අගෝස්තු 6 වෙනිදා අලුත් සූවස් ඇළ විවෘත කළා! දැන් ඇළ මීටර් 24ක් ගැඹුරුයි.
දැන් මේ අලුත් ව්‍යාපෘතිය නිසා නැව් වලට පේළි දෙකකට එකවර යන්න පුළුවන්. ඒ නිසා නැවකට මේක පහුකරන්න යන කාලය පැය 18 ඉඳන් පැය 11 දක්වාත්, පෝලිමේ ඉන්න වෙලාව පැය 11 ඉඳන් පැය 3 දක්වාත් අඩු වුණා. 2030 වෙද්දී දවසකට නැව් 100කට මේකෙන් යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 🕰️🚇
දැන් මේ ඇළ හරහා පාලම් ගහන්න බැහැ, මොකද ලෝකේ ලොකුම නැව් යන නිසා. කලින් තිබුණු El Ferdan කියන ලෝකේ දිගම හැරෙන පාලමත් දැන් වැඩක් නැති වුණා. ඒ නිසා දැන් ඊජිප්තුව කරන්නේ ඇළට යටින් මෝටර් රථ සහ කෝච්චි වලට යන්න පුළුවන් කිලෝමීටර් 4ක් දිග යෝධ උමං මාර්ග හදන එක. සූවස් ඇළ කියන්නේ කවදාවත් හදලා ඉවර වෙන්නේ නැති, ලෝකයේ ආර්ථිකය වෙනස් වෙන විදිහට දවසින් දවස වෙනස් වෙන ජීවමාන ඉංජිනේරු ආශ්චර්යයක්!
කිසිම තාක්ෂණයක් නැති කාලෙක මිනිස්සු අතින් පටන් ගත්තු මේ ව්‍යාපෘතිය අද ලෝකයේම ලොකුම ඉංජිනේරු කර්තව්‍යයක් වෙලා තියෙන හැටි ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? මේ වටිනා ලිපියට Like එකක් දාලා, ලෝකය ගැන හොයන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 💬
Credit goes to original post on විශ්ම ලෝකය..
Written By : Sulochana Dissanayake
Sources : Internet