INGCO Mattegoda

INGCO Mattegoda The leading authorized dealer and island wide distributor of INGCO Power tools & hand tools for Sri

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි.🔸 නිකිණි පුන් පොහෝ දිනයේ ඇති වැදගත්කම.   ❂ ආනන්ද හිමියන් රහත්භාවයට පත්වීම.❂ සම්බුද්ධ...
08/08/2025

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි.

🔸 නිකිණි පුන් පොහෝ දිනයේ ඇති වැදගත්කම.

❂ ආනන්ද හිමියන් රහත්භාවයට පත්වීම.

❂ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසකට පසු අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.

❂ බුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල මහා සෑය තැනීම ආරම්භ කිරීම.

❂ පෙරවස් මගහැරීගිය භික්ෂුන්වහන්සේලා පසුවස් සමාදන් වීම.

❂ මහනුවර දළදා පෙරහරේ අවසාන රන්දෝලි පෙරහර පැවැත්වීම.

❂ වෝහාරක තිස්ස, දුටුගැමුණු රජවරුන් අරියවංශ දේශනාවට රාජානුග්‍රහය ලබා දෙන උළෙල පැවැත්වූයේ ද නිකිණි මහේ පුර පසළොස්වක පොහෝ දිනකදීය.

❂ සේරුවිල වාර්ෂික නිකිණි පෙරහර පැවැත්වීම.

කුසල් දම් පුරනා භික්‍ෂූන් වහන්සේත් උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරනා බොදු සැදැහැතියාත් මහත් වූ පින් ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාකර ගන්නා වූ සුපින්බර පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වකයි. බුද්ධත්වයෙන් වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම් නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ.

මෙසේ වැඩම කරනා ආර්යන් වහන්සේලාගේ පා යුගවල මඩ තැවරී මිය යන කුඩා ජීවීනුත් දළු ලා වැඩෙන නිල් තණත් පෑගී විනාශ වෙද්දී කෝපයට පත් වූ මිනිස්සු භික්‍ෂූන් වහන්සේට අවමන් කරමින් දොස් නැගූහ. මෙම තත්වය ගැන දැනුවත් වූ බුදුපියාණන් වහන්සේ දෙවැදෑරුම් වූ පෙර හා පසු වස් එළැඹීම් වදාරා ඒවා පිළිපදින්නැ’යි භික්‍ෂූන් වහන්සේට ඔවදන් දුන් සේක.

මෙසේ දඹදිව්තලයෙහි ඇරඹූ වස් එළැඹීමේ බෞද්ධ චර්යා ධර්මතාවයෙන් ලක්දිව්තලය බැබළ වූයේ බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් දෙසිය තිස් හය වසරක ඇවෑමෙන් ය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අරිට්ඨ රහතන් වහන්සේ ඇතුළු සිංහල රහතන් වහන්සේලා ඇටසැටලෙන්හි වස් එළැඹී ලක්දිව තලය ප්‍රථම වස්සූපගමනයෙන් අසිරිමත් කළහ. මෙසේ පුරාතනයේ සිටම වස් එළැඹීමේ පිළිවෙත නිබඳවම රැක ගන්නා භික්‍ෂූන් වහන්සේ සැදැහැති බෞද්ධයා පිරිනමන දැහැත් ගොටුත් වැසි සළුත් පිළිගනිමින් පෙර වස් එළැඹෙන්නේ ඇසල පුන් පොහොයේදී ය.

කඨින චීවරයෙන් පිදුම් ලැබීමට සුදුසු වූ පෙර වස් එළැඹීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේ සම්මතයට අනුව පසු වස් එළැඹෙන පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වක පොහොය දිනයයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක ඇවෑමෙන් සුභද්‍රගේ අවිනීත වූ වදන් මත ඇති වූ ගැටලුව මූලික කර ගනිමින් වේහාර පර්වතයේ දී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ ද නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

✤ ප්‍රථම ධර්ම සංගායනාව

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද “පඤ්චසතිකා විනයසංගීති “ නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී. ඇසළ පුන් පොහෝදා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවියදා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

🔹 ආජිවකයාගේ පිළිතුර

විනය පිටකයෙහි චුල්ලවග්ග පාලියෙහි පංචසතිකක්ඛන්ධකයෙහි ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ වූ වාර්තාව හමු වෙයි. එහි සඳහන් වන පරිදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා ද සමඟ පාවා නුවරින් කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ මාර්ගයට පිවිසුනෙමි. ඉක්බිතිව මම මඟින් ඉවත්ව ගසක් මුල හුන්නෙමි.

එහිදී එක්තරා ආජීවකයෙක් මදාරා මලක් අතින් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දිවෙන මෙකී මාර්ගයට ම පිවිසියේ ය. පැමිණෙන්නා වූ එම ආජීවකයා මම දුරදීම දුටුවෙමි. දැක මෙසේ කීමි. ඇවැත්නි. අප ගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහිද? එසේ ය. දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි.ම විසින් මෙම මදාරා මල එතැනින් ගන්නා ලදී.

🔹 අවීතරාගීන්ගේ හැසිරීම

ඇවැත්නි, එහි සිටි භික්ෂු සමූහයා අතර ඇතැමෙක් අවීතරාගීහු (මාර්ගඵල නොලැබූ) වූහ. ඒ අතරින් ද ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වූයේ යැ”යි, කියමින් හිසෙහි අත් බැඳ හඬති. සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් වැටෙති. ඉදිරියට පෙරළෙති. පසුපසට පෙරළෙති. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේලා සංස්කාරයෝ අනිත්‍යය හ. සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් කොහි ලැබිය හැකි දැයි, සලකා මනා සිහියෙන් හා නුවණින් යුතුව මෙම සිදුවීම ඉවසූහ. අනතුරුව මම එකී භික්ෂු සමූහයාට මෙසේ කීමි.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන්ම වෙනස්වීම වෙන්වීම. වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය. යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේද? යමක් උපන්නේ ද හට ගත්තේ ද ලෞකික වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේවා යි, යන මෙය කොහි ලැබිය හැකි වේද? ලැබිය හැකි නොවේ ම ය.

ඇවැත්නි, එසමයෙහි සුභද්‍ර නම් මහලුව පැවිදි වූවෙක් එම පිරිස අතර සිටියේ ය. ඉක්බිති එම පැවිද්දා එම භික්ෂු පිරිසට මෙසේ කීය.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මනාව මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නොකැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.

එබැවින් ඇවැත්නි, අපි අධර්මය

බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත් වීමටත්, ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත් වීමටත්. විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්මය ද විනය ද සංගායනා කළ යුතු වෙමු’යි මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ වදාළහ.

🔹 රජගහනුවර තෝරා ගැනීම

මහතෙරුන් වහන්ස, එසේ නම් ඔබ වහන්සේ භික්ෂූන් තෝරාගන්නා සේක්වා. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක් නමක් අඩු පන්සියයක් රහතන් වහන්සේලා තෝරා ගත්හ. භික්ෂූහු මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට මෙසේ කීහ. මහ තෙරුන් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීතරාගී නොවුණත් ඡන්දයෙන් , ද්වේෂයෙන් , මෝහයෙන් , භයින් අගතියට නො යති. උන්වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්මය ද , විනය ද උගන්නා ලද්දේ ය. එබැවින් ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ ද මීට තෝරා ගන්නා සේක්වා

රජගහ නුවර වනාහි මහා ගොදුරු ගම් ඇත්තේය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කරන්නෙමු නම් ඉතා මැනවි. වෙනත් භික්ෂු නමක් රජගහනුවර වස් නොවසන්නේ නම් යෙහෙකි.

පසුව මහාකාශ්‍යප තෙරුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සංඝයා මාගේ බස් අසත්වා. ඉඳින් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කිරීමට සංඝයා මෙම පන්සියයක් භික්ෂූන් සම්මත කර ගන්නේ ය. අනෙක් භික්ෂූන් රජගහනුවර වස් නො විසිය යුතුය. මේ ප්‍රඥප්තිය යි. මෙසේ තෙවරක් දැනුම්දීමෙන් පසු මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ “මෙය සංඝයාට රුචි වෙයි. එබැවින් නිහඬ ය. මෙය මෙසේ ක්‍රියාත්මක කරමි”යි තීරණය කළහ.

🔹 පිළිසකර කිරීම්

පසුව පන්සියයක් භික්ෂූන් වහන්සේ ධර්මය ද විනය ද සංගායනා කිරීමට රජගහ නුවර ට වැඩියහ. එහි දී උන් වහන්සේලාට මෙම අදහස පහළ විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු පැලුණු තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලදහ. එබැවින් අපි පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්මය ද විනය ද, සංගායනා කරන්නෙමු. ඒ අනුව භික්ෂූන් වහන්සෙලා පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කර වූහ.

✤ ආනන්ද හිමියන් රහත් වීම

ප්‍රථම සංගීතියට ධර්ම සංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී. ඉක්බිති ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළ හ. “හෙට සංගායනාව ය. මම රහත් නොවූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නො වෙයි” යන මෙම කරුණ සලකා බලා රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් ගතකොට රාත්‍රිය පහන්වන වේලාවෙහි සැතපෙමි යි, සිතා ශරීරය හැර වූහ. එහෙත් හිස ද කොට්ටයට නො පැමිණියේ ය. පාදයෝ ද පොළොවෙන් මිදුණහ. මේ අතරෙහි සිත උපාදාන නො කොට ආශ්‍රවයන් ගෙන් මිදුණේ ය. ඉන්පසුව ආනන්ද තෙරුන් වහන්සේ කෙළෙසුන් නසා රහත් භාවයට පත් විය. එය නිකිණි පොහෝ දා අලුයම සිදුවිය. උන් වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදුවිය. රහත් වූ පසු උන්වහන්සේ සංගායනාවට වැඩම කළ සේක.

🔹 උපාලි තෙරුන්ගේ පිළිතුරු

රජගහ නුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයට රැස් වූ මහරහතන් වහන්සේලා ධර්ම සංගායනාවට සූදානම් වූහ. එහිදී මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ මෙසේ දැන්වූහ. “ඇවැත්නි. මාගේ බස් අසත්වා. ඉඳින් මම දැන් ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් විනය පිළිබඳ විමසන්නෙමි. එහි දී උපාලි මහ තෙරුන් වහන්සේද භික්ෂූන්ට මෙසේ දැන්වූහ. භික්ෂූන් මාගේ බස් අසාත්වා. ඉඳින් මම දැන් මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ විසින් විනය විමසන ලද්දේ නම් විසඳන්නෙමි.

ඉක්බිති. මහාකාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරණුවන්ට මෙසේ කීහ. “ඇවැත්නි, උපාලි ස්ථවිරයන් වහන්ස, පළමු පාරාජිකාව කොහිදී පනවන ලද ද?

තෙරුන් වහන්ස, වේසාලියේ දී ය. කවරෙකු අරබයා ද, සුදින්න කලන්ද පුත්‍ර අරබයා ය. කිනම් කාරණයක් නිසා ද? මෛථූන ධර්මයෙහි ය.

පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරුන්ගෙන් ප්‍රථම පාරාජිකාවෙහි සිදුවීම ද නිදාන කතාව ද, පුද්ගලයා ද ඒ හා අදාළ පැනවීම් ද, පසුව පැනවීම් ද එම වරදට පත්වන්නා හා පත් නොවන්නා පිළිබඳව ද විමසූහ. මේ ක්‍රමයෙන් ම සෙසු පාරාජිකාවන් සේ ම උභතො විභංගය ඇසූහ. ඇසූ ඇසූ දේ උපාලි තෙරණුවෝ විසඳූ හ.

🔹 ධර්මය විමසීම

ඉක්බිතිව ධර්මය විමසූයේ ආනන්ද තෙරුන් වහන්සේ ගෙනි. “ඇවැත්නි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, බ්‍රහ්මජාල සූත්‍රය කොහි දී දේශනා කරන ලද ද? තෙරුන් වහන්ස, රජගහ නාලන්දා දෙනුවර අතර අම්බලට්ඨිකා නමැති උයනෙහි රජු පිණිස කරවන ලද ගෙහි දී ය. කවරෙකු අරබයා ද? සුප්පිය පරිබ්‍රාජකයා සහ බ්‍රහ්මදත්ත මානවකයා අරබයා ය. ඉක්බිතිව මහාකාශ්‍යප මහ තෙරණුවෝ බ්‍රහ්මජාල සූත්‍රයෙහි නිදානය හා පුද්ගලයා ද ඇසූහ. මෙම ක්‍රමයෙන් ම නිකාය පසම ඇසුහ. ඇසූ ඇසූ දේ ආනන්ද තෙරණුවෝ විසඳූ හ. ඊළඟට සිදු වූයේ ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව සහ බ්‍රහ්මදණ්ඩ කථාවයි. සංගායනාව අවසානයේ දී ස්ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා කටපාඩමින් සුරක්ෂිත කර ගැනීම භික්ෂු පරම්පරාවනට පවරා දුනි. බුදු දහම චිරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා මෙම කාර්යය උපස්ථම්භක වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ.

✤ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.

සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය සුවිශේෂී ස්ථානයක් හිමිවේ. මහා සෑයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබීමත්. තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේෂ ධාතූන් ගෙන් කොටසක් ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංසයේ සඳහන් ය. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ඵෙතිහාසික විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින් ද ගමන් කළ හැකි මාර්ග දෙකකි.

✤ බෞද්ධයාගේ අසම සම සදා පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් වැඩ සිටින මහනුවර සිරි දළදා මැඳුර මුලික කර ගනිමින් බොදු උරුමයන් ලොවට පෙන්වා දුන් අසිරිමත් දළදා පෙරහර අවසන් වන්නේ ද මෙම පුර පසළොස්වක පොහොය දිනයේදී ය.

මහා වංශ කතාවට අනුව වෝහාරක තිස්ස, දුටුගැමුණු රජවරුන් අරියවංශ දේශනාවට රාජානුග්‍රහය ලබා දෙන උළෙල පැවැත්වූයේ ද නිකිණි මහේ පුර පසළොස්වක පොහෝ දිනකදීය.
බෞද්ධයාගේ සිත පුබුදු කර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසර එකසිය පනහකට පෙර වන අලින්ගෙන් රැක ගැනීමට දිවි හිමියෙන් සටන් කළ රජරට වැසියන් ගිනි මැල ගසා ගැනීමට අවශ්‍ය දරමිටි පෙරහරකින් රැගෙන ගියේ ද නිකිණිපුර පසළොස්වක පොහොය දිනකදී ය. මේ නිසා ‘දරමිටි පොහොය’ නමින් හඳුන්වන පොහොය වන්නේ ද නිකිණි මගේ පුර පසළොස්වකයි.

මෙවන් සුවිශේෂී සිදුවීම් රැසකින් බැබළ වූ නිකිණි මහේ පුර පසළොස්වක පොහොය බෞද්ධයාට මහත්ඵල මහානිසංස සහිත පින්ඵල නෙළා දෙන භාග්‍ය උදාර කරවන පින්බර පොහොය දිනයයි.

මේ උත්තරීතර පොහොය දිනයේ දී බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් නිමල දහම අනුව දිවි පෙවෙත අලෝක කරවාගෙන සසර දුක නිවාලමු.

තෙරුවන් සරණයි !

🏣 INGCO Mattegoda MEGA SHOWROOM
🚧 No : 4B, 2/8A, Mattegoda
☎️ Hot Line : 0712997803 / 0770310166

INGCO Mattegoda සුපිරි වට්ටම්...! වාසි ගොඩක් එක්ක Power Tools සහ Hand Tools ගන්න, ජූනි මස පුරාවටම Ingco Mattegoda Mega S...
18/07/2025

INGCO Mattegoda සුපිරි වට්ටම්...! වාසි ගොඩක් එක්ක Power Tools සහ Hand Tools ගන්න, ජූනි මස පුරාවටම Ingco Mattegoda Mega Showroom වෙත පිවිසෙන්න...

INGCO Impact Dril - ID7118
⭕ 𝗥𝘀.7,490/= (Discount Price)

INGCO Angle Grinder - AG75028-8
⭕ 𝗥𝘀.9,850/= (Discount Price)

INGCO Angle Grinder AG75022-8
⭕ 𝗥𝘀.9,680/= (Discount Price)

INGCO Rotary hammer - RH10508-8
⭕ 𝗥𝘀.21,000/= (Discount Price)

INGCO Rotary hammer - RGH9028-8
⭕ 𝗥𝘀.22,450/= (Discount Price)

🏣 INGCO Mattegoda MEGA SHOWROOM
🚧 No : 4B, 2/8A, Mattegoda
☎️ Hot Line : 0770310166

INGCO Mattegoda සුපිරි වට්ටම්...! වාසි ගොඩක් එක්ක Power Tools සහ Hand Tools ගන්න, ජූනි මස පුරාවටම Ingco Mattegoda Mega S...
12/06/2025

INGCO Mattegoda සුපිරි වට්ටම්...! වාසි ගොඩක් එක්ක Power Tools සහ Hand Tools ගන්න, ජූනි මස පුරාවටම Ingco Mattegoda Mega Showroom වෙත පිවිසෙන්න...

INGCO RGH9028-2 Rotary hammer
⭕ 𝗥𝘀.22,090 /= (Discount Price)

𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩 𝘿𝙚𝙨𝙘𝙧𝙞𝙥𝙩𝙞𝙤𝙣
Voltage:220-240V~50/60Hz
Input power:800W
No-load speed:0-1100rpm
Impact rate:0-4000bpm
Impact energy:2.5J
Max.drilling capacity:
Concrete:26mm
Steel:13mm
Wood:30mm
SDS plus chuck system
With 3 drills and 2 chisels
With 1set extra carbon brushes
With 1pcs keyless quick-change chuck
Packed by BMC

🏣 INGCO Mattegoda MEGA SHOWROOM
🚧 No : 4B, 2/8A, Mattegoda
☎️ Hot Line : 0770310166

INGCO Mattegoda සුපිරි වට්ටම්...! වාසි ගොඩක් එක්ක Power Tools සහ Hand Tools ගන්න, ජූනි මස පුරාවටම Ingco Mattegoda Mega S...
11/06/2025

INGCO Mattegoda සුපිරි වට්ටම්...! වාසි ගොඩක් එක්ක Power Tools සහ Hand Tools ගන්න, ජූනි මස පුරාවටම Ingco Mattegoda Mega Showroom වෙත පිවිසෙන්න...

INGCO RGH 6528 Rotary hammer
⭕ 𝗥𝘀.16,125/= (Discount Price)

𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩 𝘿𝙚𝙨𝙘𝙧𝙞𝙥𝙩𝙞𝙤𝙣
Voltage:220-240V~50/60Hz
Input power:650W
No-load speed:0-1700rpm
Impact rate:0-5500bpm
Impact energy:1.7J
Max.drilling capacity:
Concrete:22mm
Steel:10mm
Wood:25mm
SDS plus chuck system
With 3 SDS-PLUS drills
With 1set extra carbon brushes
Packed by BMC

🏣 INGCO Mattegoda MEGA SHOWROOM
🚧 No : 4B, 2/8A, Mattegoda
☎️ Hot Line : 0770310166

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...පොසොන් උත්සවය, මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයේදී සිදුවන බෞද්ධාගමි...
10/06/2025

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...

පොසොන් උත්සවය, මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයේදී සිදුවන බෞද්ධාගමික උත්සවයකි.

මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ඇතුළු සත් පිරිවර ලක්දිවට වැඩම කිරිමත්, ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවේ අංකුරයක් මෙරටට වැඩම කිරිමත්, භික්ෂූණී ශාසනය මෙරට තුළ පිහිටුවීම වැනි සුවිශේෂ අවස්ථා රාශියක් නිමිති කරගෙන ලෝකවාසි බෞද්ධාගමිකයන් විසින් පොසොන් පොහොය සමරනු ලබයි.

🏣 INGCO Mattegoda MEGA SHOWROOM
🚧 No : 4B, 2/8A, Mattegoda
☎️ Hot Line : 0712997803 / 0770310166

තිලෝගුරු අප මහා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවූ උතුම් වෙසක් පොහෝ දිනය අදය...
12/05/2025

තිලෝගුරු අප මහා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවූ උතුම් වෙසක් පොහෝ දිනය අදයි..! ☸️🌸

මෝහය දුරු වී මුළු ලංකාද්වීපයම වෙසක් සඳෙහි මෙත් සිසිලෙන් ආලෝකමත් වන, සියලු සිත් බුදු වදනින් නිවී සැනසෙන පින්බර වෛශාක්‍ය මංගල්‍යයක් වේවායි බැති සිතින් ප්‍රාර්ථනා කරමු !

🏣 INGCO Mattegoda MEGA SHOWROOM
🚧 No : 4B, 2/8A, Mattegoda
☎️ Hot Line : 0712997803 / 0770310166

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள் !!!Wishing you all A New year field with ...
13/04/2025

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள் !!!

Wishing you all A New year field with Happiness, Success, Prosperity, Good Health, Wealth & Peace !

🏣 INGCO Mattegoda MEGA SHOWROOM
🚧 No : 4B, 2/8A, Mattegoda
☎️ Hot Line : 0770310166

Address

No : 4B, 2/8 A
Mattegoda
10240

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94770310166

Alerts

Be the first to know and let us send you an email when INGCO Mattegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to INGCO Mattegoda:

Share