01/06/2026
දේශීය ශක්තියෙන් ගොඩනැගෙන රඹුක්කන - ගලගෙදර මධ්‍යම අධිවේගී මාර්ගයේ සාර්ථක ආරම්භය
ජාතික සංවර්ධනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, පූර්ණ දේශීය ඉංජිනේරු දැනුම, දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වය සහ දේශීය අරමුදල් මත ක්‍රියාත්මක වෙමින්, ශ්‍රී ලංකීය අධිවේගී මාර්ග ඉදිකිරීම් වැදගත් ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව, ව්‍යාපෘති උපදේශක ඒකකයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ දෙවන කොටස ලෙස සැලකේ.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු විශිෂ්ටත්වය, වෘත්තීය හැකියාව සහ දේශීය සම්පත් ශක්තිය ලොවට විදහා දක්වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය, රටේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ජාතික ආර්ථික වර්ධනයටද සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇත. එමෙන්ම, මෙය ශ්‍රී ලාංකීය සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් සදහා සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
පුරා දශක දෙකක්, දේශීය ප්‍රධාන සහ අධිවේගී මහාමාර්ග ඉදිකිරීම් හා සංවර්ධනයට, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වානේ නිෂ්පාදකයා ලෙස මෙල්වා, දායකත්වය දී ඇත. රටේ අනාගත සංවර්ධන ශක්තියක් එක් කරන මෙම ජාතික ව්‍යාපෘතියෙහි සාර්ථකත්වයට අපගේ හෘදයාංගම සුභාශිංසන!
Melwa Foundation